කරපිංචා කොළ කැඳ

How to make කරපිංචා කොළ කැඳ

සෝදා ගරා ගත් නිවුඩු කැකුළු සහල් ස්වල්පයක් මැටි වළදකට දමා ඊට සෑහෙන පමණට ජලය එකතු කර ලිප තබන්න. ඊටම කුරුදු කුඩු ස්වල්පයක්, තලා ගත් සුදුළුෑනු ,ඉගුරු හා කරාබු නැටි 2 එකතු කරන්න,හොදින් බෙරිවූ පසුව හැන්දකින් මතගාන්න. මිරිකාගත් පොල් කිරි වලට ලුණු ස්වල්පයක් එකතු කර කලවම් කරන්න .ඉන්පසුව විජලනය කරන ලද කරපිංචා කුඩු තේ හැන්දක් කැද භාජනය බෑමට විනාඩි 2කට පෙර එකතු කර කලවම් කරන්න. (දෙදෙනෙකුට සෑහේ.)

කරපිංචා කොළ කුඩු
ඔබට මෙම කරපිංචා කුඩු තේ හැන්දක් උණු වතුරට දමා පෙරා පානය කල හැක.